ට්‍රම්ප්ගේ රුව ඇතු­ළත් කාසි­යක්

අමෙ­රි­කාවේ 250 වැනි නිද­හස් දිනය යෙදී ඇති ලබන වසරේ ජූලි 4 වැනි­දාට එරට භාණ්ඩා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව විසින් ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව ඇතු­ළත් ඩොල­රයේ සමරු කාසි­යක් නිකුත් කිරී­මට අව­ධා­නය යොමු­කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ඩොල­රයේ කාසියේ එක් මුහු­ණ­තක ජනා­ධි­ප­ති­ව­ර­යාගේ පැති­කඩ රුවක්ද, අනෙක් මුහු­ණ­තෙහි ඔහු පසු­ගිය වසරේ පෙන්සි­ල්වේ­නියා ප්‍රාන්තයේ පැවති ජනා­ධි­ප­ති­ව­රණ ප්‍රචා­රක රැලි­ය­කදී ඝාතන ප්‍රය­ත්න­ය­කින් ජීවි­තය බේරා­ ගැ­නී­මෙන් පසු ජන­තාව හමුවේ පෙනී සිටි ආකා­රය දැක්වෙන ආකෘ­ති­යක් ද සට­හන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. එහිදී ඔහු දෑත ඔසවා ‘සටන් කරමු’ යැයි කළ ප්‍රකා­ශය ද කාසියේ සට­හන් කර ඇතැයි වාර්තා වේ.

මාධ්‍ය­යට නිකුත් වූ එම කාසියේ රූ සට­හන් සත්‍යය බව භාණ්ඩා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව තහ­වුරු කළද, එරට ආණ්ඩු­ක්‍රම ව්‍යස්ථා­වට අනුව බලයේ සිටින හෝ මෑත­කදී මියගිය ජනා­ධි­ප­ති­ව­ර­ය­කුගේ රුව කාසි­යක සට­හන් කිරී­මට නොහැකි බැවින් අදාළ සමරු කාසිය නිකුත් කර­න්නේ­දැයි මෙතෙක් භාණ්ඩා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව තීර­ණය කර නොමැති බව ද වාර්තා වේ.