
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පීලි අලුත්වැඩියා කිරිම සදහා දුම්රිය පීලි රැගෙන ගිය දොඹකරය සහිත ට්‍රැක් මෝටර් රථය (05) දින උදෑසන 10:00ට පමණ හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර 105 ½ සැතපුම් කණුව අසළ පීලි පැනීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.
මෙසේ පීලි පැන ඇත්තේ උලපනේ සිට කොටගල දක්වා දුම්රිය පීලි ප්‍රවාහනය කල ට්‍රැක් මෝටර් රථයේ එන්ජිමයි.
එම ට්‍රැක් මෝටර් රථයේ කාර්ය මණ්ඩලය විසින්ම එන්ජිම පීලි ගත කිරිමේ කටයුතු ආරම්භ කර ඇත.
පීලි පැනීමට ලක් වූ ට්‍රැක් මෝටර් රථයේ එන්ජිම පීලි ගත කරන තෙක් බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රියන් හැටන් දුම්රිය ස්ථානය දක්වාත්, කොළඹ සිට බදුල්ල දක්වාත් ධාවනය කරවන දුම්රියන් රොසැල්ල දක්වා ධාවනය කරවන බවයි හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයා කියා සිටියේ.


