ඩිජිසවි ජාතික වැඩසටහන කොළඹදී ඇරඹේ

ශ්‍රී ලාංකිකයින් දස ලක්ෂයක් ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වීමේ ඩිජිසවි ජාතික වැඩසටහන කොළඹදි පසුගියදා නිල වශයෙන් ආරම්භ කෙරුණා.

සමාරම්භක උළෙලේදී නව ඩිජිසවි සන්නාමයද හඳුන්වා දෙනු ලැබුවා.

බිම් මට්ටමේ ප්‍රජාවන් ඩිජිටල් තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය ඔස්සේ සවිබල ගැන්වීම සඳහා ඩිජිසවි වැඩසටහන ක්‍රියාත්මකයි.

Foundation.lk මගින් ක්‍රියාත්මක ව්‍යාපෘතියේ මූලික ඉලක්කය වන්නේ මිලියනයක ප්‍රතිලාභින් පිරිසකට නවීණ ඩිජිටල් අවස්ථාවන් උදාකර දීමයි.

මේ සඳහා දැනටමත් දිස්ත්‍රික්ක 13 ක මධ්‍යස්ථාන 50 ක් ස්ථාපනය කර ඇති අතර ඉදිරියේදී මෙය දිවයිනම ආවරණය වන පරිදි පුළුල් කිරීමට ‍නියමිතයි.

අදාළ මධ්‍යස්ථාන වෙත උපකරණ ප්‍රදානය කිරීමක්ද මෙහිදී සිදුකෙරුණා.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, එල්.කේ. ඩොමේන් ආයතනයේ සභාපති මහාචාර්ය ගිහාන් ඩයස් යන මහත්වරුන් ඇතුළු තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.