ඩීසල් භූමිතෙල් කලවම් කරපු ලොරි රථයක් මාට්ටු

ඩීසල් ඉන්ධනවලට භූමිතෙල් කවලම් කර ටිපර් රථයක් ධාවනය කල රියදුරු (16) දින සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සැකකරුට එරෙහිව නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට කටයුතු කල බව ලිදුල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක පාලිත නන්දසිරි මහතා පැවසීය.

වලපනේ සිට හැටන් දක්වා වැලි ප්‍රවාහනය කරන ඇතැම් ටිපර් රථවල ඩීසල්වලට භූමිතෙල් කවලම් කර ධාවනය කරන බවට ලද තොරතුරක් මත ටිපර් රථය නතර කර ටිපර් රථයේ ඉන්ධන ටැංකි තෙල් සාම්පල ගෙන පරික්ෂා කිරිමේදි මෙය අනාවරණය වු බවයි පාලිත නන්දසිරි මහතා කියා සිටියේ.

ටිපර් රථයෙන් ලබා ගත් ඉන්ධන සාම්පල් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ රසායනාගාරයකට යොමු කර එහි වාර්ථාවක් ලබා ගෙන එම වාර්ථාව සමග සැකකරුට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවයි. ලිදුල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.