
කොළඹ දිස්ත්‍රික්කයේ ජූනි මස 20-30 දක්වා කාලය තුල ක්‍රියාත්මක ඩෙංගු මර්ධන වැඩසටහනට සමගාමීව බොරලැස්ගමුව නගරය සහ පිළියන්දල නගරය ( කැස්බෑව නගර සභා කාර්යාල බල ප්‍රදේශය ) කේන්ද්‍ර කර ගනිමින් ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හඳුනා ගැනීමේ වැඩසටහනක් අද දින ක්‍රියාත්මක කෙරිණ. මෙහිදී පළමු අදියර ලෙස ඩ්‍රෝන මගින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හඳුනා ගැනීම අද දින සිදුකළ අතර එහි දෙවන අදියර ලෙස එම ස්ථාන පවත්වාගෙන යන පිරිස් ඒ සම්බන්ධව දැනුවත් කිරීමට නියමිතයි. පසුව එම ස්ථාන පිරිසිදු නොකරන්නේ නම් සහ ඒවායේ බරපතළකම් අනුව නීතිමය ක්‍රියාමාර්ගයන් සිදු කිරීමට ද නියමිතයි.
අද ඩ්‍රෝන නිරීක්ෂණ කටයුතු සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ මෙහෙයවීමෙන් සහ අධීක්ෂණයෙන් sri lanka ගුවන් හමුදා නිලධාරීන් විසින් ඩ්‍රෝන කැමරා සහාය ලබා දීම සිදුවිය. එමෙන්ම එම කටයුතු සඳහා බොරලැස්ගමුව නගර සභාව , බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය , කැස්බෑව නගර සභාව , කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , පිළියන්දල පොලිසිය යන ආයතනද සම්බන්ද විය.