ඩෝසර් වැවේ ගිලී පුද්ගලයෙකු මරුට

ඇතිමලේ, 50 කොටස ඩෝසර් වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (24) දින දහවල් කාලයේ මෙම පුද්ගලයා අතුරුදහන්ව ඇති බවට ඇතිමලේ පොලිස් ස්ථානයට තොරතුරක් ලැබී ඇත.

අතුරුදහන් වූ පුද්ගලයාගේ මෘත ශරීරය මේ වන විට සොයා ගෙන ඇත.

මියගිය පුද්ගලයා වයස අවුරුදු‍ 54 ක් වූ ඇත්මලේ වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඇතිමලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.