තරුණයෙකුට දිවි අහිමි කළ මාරක අනතුර

ඊයේ (20) දින සවස් කාලයේ මහියංගනය පොලිස් වසමේ බදුල්ල මහියංගනය මාර්ගයේ 19 කණුව ආසන්නයේදී බදුල්ල දෙස සිට මහියංගනය දෙසට ධාවනය වූ කාර් රථයක් විරුද්ධ දිසාවෙන් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් යතුරුපැදියේ පැදිකරු හා පසුපැදිකාරිය බරපතල තුවාල ලබා මහියංගනය රෝහලට ඇතුලත් කිරීමේදී පැදිකරු මියගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 27 ක් වූ මහියංගනය ප්‍රදේශයේ පදංචිකරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මෘත ශරීරය මහියංගනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මහියංගනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.