තලගොයෙක් කළ හදියක්

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම ප්‍රදේශයේදී බස් රථයක්, මෝටර් රථයක සහ කැබ් රථයක ගැටීමෙන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ, එකම පවුලේ තිදෙනෙක්.

මාර්ගය හරහා ගමන් ගත් තලගොයෙකු හේතුවෙන් මෝටර් රථයේ තිරිංග තද කිරීමේදී, ඊට පසුපසින් ධාවනය වූ මගී බස්රථයක් එම මෝටර් රථයේ සහ තවත් කැබ් රථයක ගැටී තිබෙනවා.

පොලීසිය පවසන්නේ, මේ හේතුවෙන් මාර්ගයේ දැඩි රථවාහන තබදයක් ඇතිවූ බවයි.

රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තුවාන ලැබූවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණා.