
” බඩ ඉරිගු නෑ: ත්‍රිපෝෂ ආයතනය වැහෙයි ?” යන සිරස් තලය යටතේ ඉරිදා පුවත්පතක පළ වූ සාවද්‍ය ප්‍රවෘවෘත්තියක් මුලික කර ගනිමින් සමාජ මාධ්‍ය මඟින් සාවද්‍ය සහ අපහාසාත්මක තොරතුරු ඇතුළත් ප්‍රවෘත්ති පළ කරමින් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනයත්, සෞඛ්‍ය අමාත්‍යංශයක්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාත් එමෙන්ම වර්තමාන රජය සහ විශේෂයෙන්ම ක්‍රිපෝෂ සමාගමේ පාලන අධිකාරියක් දැඩි ලෙස අපහසුතාවයට හා අපකීර්තියට පත්වන ආකාරයේ ප්‍රවෘත්ති හා වාර්තා ප්‍රචාරය වෙමින් පවතින බව නිරීක්ෂණය වී ඇතැයි, ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනයේ සභාපති අමල් අත්තනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳන් කර සිටී.
එම නිවේදනයේ සඳහන් ආකාරයට 2025.06.29 වැනි දින ඉරිදා පුවත්පතක පළ වූ අදාළ මුල් ප්‍රවෘත්තියේ ” බඩ ඉරිගු නෑ: ත්‍රිපෝෂ ආයත්නය වැහෙයි?” යනුවෙන් සාවද්‍ය සිරස්තලයක් යොදා ඇති අතර එම ප්‍රවෘත්තියේ පළමු ජේදයේ “බඩ ඉරිගු හිගයෙන් ජා ඇල කපුවත්තේ පිහිටි සෞඛ්‍ය අමාත්‍යංශයට අනුබද්ධ අර්ධ රාජ්‍ය ආයත්නයක් වන ත්‍රිපෝෂ ආයනයේ නිෂ්පාදන කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව එහි සේවකයෝ පෙන්වා දෙනා ” යනුවෙන් සම්පූර්ණයෙන් අසත්‍ය තොරතුරු ඇතුළත් සාවද්‍ය සිරස් ස්තලයක් සහිත පුවතක් පළ වී ඇති බව අවධාරණය කර ඇත.
එම නිවේදනයේ සභාපතිවරයා වැඩිදුරටත් කරුණු දක්වන ආකාරයට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක වන පූර්ණ රාජ්‍ය සමාගමක් වන අතර, දරුවන්ගේ හා ගර්භණී මව්වරුන්ගේ පෝෂණමය අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් තවදුරටත් සාමාන්‍ය ලෙස ක්‍රියාත්මක වේ. මේ වන විට සමාගමේ නිෂ්පාදන කටයුතු නවතා දැමීමක් සිදුකර නොමැති අතර යන්ත්‍ර සුත්‍ර පැය 24 පුරාම් පුර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වේ.
එම ආයතනයෙහි නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රමිතියෙන් යුතු බඩ ඉරිගු සපයා ගැනීමට අවශ්‍ය තීන්දු තීරණ සෘජුව සහ විනිවිද භාවයෙන් යුතුව ලබාගෙන සැපයුමදාමීය යථාවත් කර ගැනීමට ක්‍රියාකර ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. එමෙන් ම ත්‍රිපෝෂ සමාගමෙහි යන්ත්‍ර සූත්‍ර සූර්ණ ධාරිතාවයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක වන අතර ක්‍රිපෝෂ නිෂ්පාදනය සෞඛ්‍ය අමාත්‍යංශයේ පිරිවිතරයන් අනුව අදාළ ප්‍රතිලාභීන් වෙත දිවයින පුරා බෙදා හැරීම සදහා සියළුම කටයුතු ද බාධාවකින් තොරව සිදුවෙමින් පවතින බව ද අදාළ නිවේදනයේ සඳහන්ව ඇත.
තවද යන්ත්‍ර සූත්‍ර උපරිමයෙන් ක්‍රියාත්මක වීම මත අතිරික්ත නිෂ්පාදනය වෙළද පොල උදෙසා සුපෝෂ නිෂ්පාදනය ලෙස දිවයි නම් ආවරණය වන ලෙස බෙදා හැරීම සඳහා ද කටයුතු කර ඇති බවත් එතැනින් නොනැවතී සුපෝෂ මුලික අමුද්‍රව්‍ය ලෙස ලෙස භාවිතා කරමින් නිපදවන සුපෝෂ කැලරි බාර් නිෂ්පාදනය ද දීප ව්‍යාප්තව ඛෙදා හැරීම සදහා අවශ්‍ය මුලික කටයුතු සිදු කිරීම මෙන්ම සුපෝෂ නිෂ්පාදනය අමුද්‍රව්‍යක් ලෙස යොදා විවිධ රසයන්ගෙන් යුත් කප් කේක් නිපදවීමට ද ක්‍රියාකර ඇති බව ද දක්වා ඇත. එමෙන් ම එහි මුලික අදියර ලෙස ජා – ඇළ කපුවත්තසුපෝෂ අලෙවි සැලෙහි එම නිෂ්පාදන අලෙවි කිරීමට දැනටමත් කටයුතු කර ඇති අතර ඉදිරියේදී රට පුරා සුපෝෂ අලෙවිසැල් 100 ආරම්භ කර එමගින් මෙම නිෂ්පාදන ඉතා පුළුල් ලෙස ජනගත කිරීමට ද මුලික කටයුතු ද සිදුවෙමින් පවතින බව ද සභාපතිවරයාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.