තණමල්විල, ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ ඇඹිලිපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් මොරකැටිය තුනේ කණුව ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.
අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු මියගොස් ඇති අතර යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුලත් කර ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ, වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වන අතර අනතුර සිදු වන ආකාරය අසල වෙලදසැලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනවා.
