ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටය යටතේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තිරණාත්මක තරඟය අද පැවැත්වෙනවා.
අබුඩාබි ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි අටට ආරම්භවීමට නියමිතයි.
තරඟාවලියේ අවසන් තරඟය කෙරෙහි බලාපොරොත්තුව තබා ගැනීමට නම් ශ්‍රී ලංකාවට අද තරඟයේ ජයග්‍රහණය අනිවාර්යයයි.
සුපිරි කණ්ඩායම් හතර වටය යටතේ තමන් මුහුණ දුන් පළමු තරඟයෙන් බංග්ලාදේශය හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාව ලකුණු සටහනේ තුන්වන ස්ථානයේ පසුවනවා.
ඉන්දියාව එහි පළමු ස්ථානයේ පසුවන අතර බංග්ලාදේශයට එහි දෙවන ස්ථානය හිමියි.
මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පවත්වා ඇති 2020 තරඟ සංඛ්‍යාව 23 ක්.
ඉන් තරග දහතුනක් පකිස්ථානයත් තරග දහයක් ශ්‍රී ලංකාවත් ජය ගත්තා.
අද තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුවනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක ඊයේ පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියා.
ඒ අනුව තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සහ දඟ පන්දු යවන ක්‍රිඩක මහේෂ් තීක්ෂණ අද තරඟයට ක්‍රීඩා කිරීමේ වැඩි ඉඩක් පවතිනවා.
