තීරණාත්මක සාකච්ඡාවලින් පසු ජේ.ඩී. වෑන්ස් ඇතුළු ධූත පිරිස යළි අමෙරිකාවට

පැය 21කට අධික කාලයක් ඉරානය හා අමෙරිකාව අතර පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවති තීරණාත්මක සාම සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වූ බව අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් පවසනවා.

කෙසේවෙතත් සාම සාකච්ඡාවලට අනතුරුව ප්‍රථමවරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් උප ජනාධිපතිවරයා කියා සිටියේ සාම සාකච්ඡා සඳහා මැදිහත් කරුවෙකු ලෙස කටයුතු කළ පකිස්ථානයට සිය ස්තූතිය පළ කර සිටින බවයි.

අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඇතුළු ධූත පිරිස අද උදෑසන යළි අමෙරිකාව බලා පිටත්ව ගොස් ඇතිබව විදෙස් මාද්‍ය වර්තා සඳහන් කරනවා.

අමෙරිකානු දුත පිරිස රැසගත් එයාර් ‍ෆොස් ටු නිල ගුවන් යානය මීට පැය කිහිපයකට පෙර ඉස්ලාමාබාද් නුවරින් වොෂිංටනය බලා පිටත්වුණා.

අමෙරිකාව ඉදිරිපත් කළ සාම කොන්දේසි කිසිදු නිල එකඟතාවයකින් තොරව ඉරානය විසින් ප්‍රතික්ෂේප කළ බව උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ‍පකිස්ථානයෙන් පිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.