නාගරික වනාන්තර ඇති කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ඊයේ ආරම්භ කෙරුණා.
ඒ තොටලඟ සිරිමාවෝ බණ්ඩාරනායක මාවත බස් නැවතුම්පොළ අසලදි. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ එය ක්‍රියාත්මකයි.
තොටලඟ, කොළඹ මහ නගර සභාවට අයත් භූමියෙහි පැල රෝපණය කරමින් එය ආකර්ෂණීය නාගරික වනවගා භූමියක් ලෙස සංවර්ධනය කර තිබෙනවා.
පාරිසරික වටිනාකමකින් යුත් මෙම පැල ආරක්ෂා කර රැක බලා ගැනීමේ කැපකරුවන් ලෙස මාදම්පිටිය ශ්‍රී සංඝබෝධි මහා විද්‍යාලයේ පාසල් සිසු සිසුවියන් වෙත වගකීම් පැවරීම මෙහි විශේෂත්වයක්.
එහිදී පාසල් සිසු සිසුවියන්ට ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කෙරුණා.
තුරු කැපකරු වැඩසටහන සහ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ඒකාබද්ධවයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ. ඒ ජනාධිපති කාර්යාලය මඟපෙන්වීම යටතේ.
රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක් මීට දායකත්වය දක්වනවා. මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
