දකුණට හෑෂ් බෙදූ 07ක් පොලිසියෙන් අල්ලයි

‘හෑෂ්’ නැමති විදේශීය නිෂ්පාදිත මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් පහයි ග්‍රෑම් 600 ක් සමඟ සැකකරුවන් හත්දෙනෙකු මාතර හා හම්බන්තොට දිසා අපරාධ කොට්ඨාසය මගින් අද (05) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හබරාදුව, බද්දේගම හා මිදිගම ඇතුළු ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ධීවර ව්‍යාපාරිකයකු වන මිදිගම රනා නැමති අනුවර්ත නාමයෙන් හැඳින්වෙන සැකකරු

අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී ‘හෑෂ්’ මත්ද්‍රව්‍ය සොයා ගත් අතර පොලිස් පරික්ෂණ කණ්ඩායම ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම හමුවේ තවත් සැකකරුවන් හය දෙනෙකු පිළිබඳව තොරතුරු ලබා දී තිබුණා.

සැකකරුවන් වයස අවුරුදු 45ට අඩු විවාහකයන් බවත් ධීවර රැකියාව කරමින් කඩිනමින් මුදල් ඉපයීමට මෙම මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ වී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරුවන් හෙට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.