19 න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 6 වටයේ, ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය අද පස්වරු 1.00 ට ආරම්භ වනවා.
ඒ, සිම්බාබ්වේ, බුලවායෝහිදී. සුපිරි කණ්ඩායම් 6 වටයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගය ඇෆ්ගනිස්තානයට එරෙහිව කඩුලු 4 කින් ජය කර ගැනීමට සමත්වුණා.
මේ අතර, තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත් වීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඔස්ට්‍රේලියා – බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් අතර තරගය පැවැත්වුණේ, සිම්බාබ්වේ හි හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.
කාසියේ වාසිය හිමි කර ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 314 ක් රැස් කළා.
නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ ඔලිවර් පීක් ලකුණු 109 ක් රැස් කළා. නිටෙෂ් සැමුඑල් ලකුණු 56 යි.
පන්දු යැවීමේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ජකීම් පොලාඩ් සහ ජායි ගිටන්ස් කඩුලු 2 බැගින් බිඳහෙලුවා.
ලකුණු 315 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ, ලකුණු 292 ක් පමණයි.
සචේරි කාර්ටර් ලකුණු 64 යි. නායක ජොෂුවා ඩ්‍රෝන් ලකුණු 62 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ චාල්ස් ලච්මඩ් කඩුලු 4 ක් දවා ගත්තා.
ඒ අනුව, ඔස්ට්‍රේලියාව තරගය ජය ගත්තේ, ලකුණු 22 කින්.
