
දකුණු ඉන්දීය සිනමාවෙන් බිහිවූ විශිෂ්ටතම රංගන ශිල්පිනියක වූ සරෝජා දේවී මෙලොව හැර ගිය බව එරට මාධ්‍ය වාර්තා කරයි. 60 දශකයේදී එම්ජීආර් සහ සිවාජි ගනේෂන් වැනි දකුණු ඉන්දීය සිනමාවේ දැවැන්තයන් සමඟ එක්ව ස්වර්ණමය යුගයක් බිහි කිරීමට විශිෂ්ට දායකත්වයක් ලබා දුන් බව කියන සරෝජා දේවී මියයන විට 87 හැවිරිදි වියෙහි පසුවූ බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ඇගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරවය සහිතව සිදු කරන බව කරණාටක ප්‍රාන්තයේ මහඇමැති සිද්දාරමයියා නිවේදනය කර ඇතැයි වාර්තා වේ. දෙමළ, හින්දි, තෙලිගු හා කන්නඩ සිනමාව තුළ චිත්‍රපට 161කට රංගන දායකත්වය ලබා දුන් සරෝජා දේවි එවකට චිත්‍රපට අතිශය ජනප්‍රියත්වයට පත්වී තිබිණි.