
නවීන සැලසුමකට අනූව අංගසම්පූර්ණ පහසුකම් වලින් සමන්විතව ඉදිකෙරෙන මෙම නව ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානයේ ඉදිකිරීම් සදහා රුපියල් මිලියන 129 කට අධික මුදලක් වැයකරීමට නියමිතය.
ලබන වර්ෂයේ (2026) අගෝස්තු මාසය අවසන්වීමට පෙර මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර ඉදිකිරීම් කටයුතු සදහා උපදේශනය ගොඩනැගිලි දෙපාර්තුමේන්තුව විසින් සිදුකරනු ලබයි.
මෙහිදී පැවැති උත්සව සභාව අමතමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලද්දේ තැපැල් දෙපාර්තමේන්තුවේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට අමතරව රටේ කේන්ද්‍රිය ස්ථානවල ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථාන ඉදිකිරීමේ වැඩසටහන යටතේ ප්‍රථමයෙන්ම ආරමිභ කරන මධ්‍යස්ථානය රුපියල් මිලියන 129 ක වියදමකින් ඉදිකෙරෙන දඹුල්ල ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානය බවත් මෙය ජාතික මට්ටමින් වැදගත් අවස්ථාවක් වන බව ද පැවසීය.
මෙම ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානය පැය 24 පුරා ක්රියාක්මක බවත් මෙතැන් සිට මහනුවර, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකළපුව ආදි විශාල ප්‍රදේශයක තැපැල් භාණ්ඩ හුවමාරුව සඳහා ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත්වන බව ද කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ බර අඩු කරමින් ප්රාදේශීයව බෙදාහැරීමේ කටයුතු සිදු කළ හැකි බව ද පැවසීය.
අද වන විට 4000 කට අධික තැපැල් මධ්‍යස්ථාන ප්‍රමාණයකින් යුත් තැපැල් තැපැල් දෙපාර්තමෙන්තුව රටේ අනෙකුත් දෙපාර්තමේන්තු සහ ආයතනවලට වඩා රට පුරා විහිදුණු විධිමත් ජාලයක් සහිත ශක්තිමත් සේවාවක් බවද පසුගිය සමයේ ලෝකය සමඟ ගමන් කිරීමට සැලසුමක් නොතිබූ බැවින් තැපෑල ජනතාවගෙන් ඈත්ළවීමට ලක් වු බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදි.