දියවඩන නිලමේගේ ධුර කාලය අවසන්

මහ­නු­වර ශ්‍රී දළදා මාලි­ගාවේ වැඩ බලන නිල­මේ­ව­රයා ලෙස මල්වතු සහ අස්ගිරි මහ­නා­යක හිමි­ව­රුන්ගේ නිර්දේශ මත හිටපු දිය­ව­ඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පත් කර ඇත.

වර්ෂ 2015දී දෙවන වරට දිය­ව­ඩන නිලමේ ධුර­යට පත් වූ නිලංග දෑල මහ­තාගේ දස අවු­රුදු නිල කාලය ඊයේ (07) දින­යෙන් අව­සන් විය.

වර්ෂ 2005දී දිය­ව­ඩන නිලමේ ධුර­යට පත් වූ මොහු මල්වතු, අස්ගිරි මහ­නා­යක හිමි­ව­රුන් ඇතුළු මහා සංඝ­ර­ත්නයේ සහ බෞද්ධ ජන­යාගේ ප්‍රසා­ද­යට පාත්‍ර වී සිටිති. විහාර දේවා­ල­ගම් පනත අනුව අද (08) සිට මාස තුනක කාල­ය­කට ඉදිරි වසර 10 සඳහා නව දිය­ව­ඩන නිල­මේ­ව­ර­යකු තෝරා­පත් කර ගත යුතුය.