දෙහිවල වෙඩි තැබීමට ගිනි අවිය ලබාදුන් සැකකරු අත්අඩංගුවට

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය ජූලි මස (24) වන දින දෙහිවල පොලිස් වසමේදී වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයක් සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

ඒ අනුව ඊයේ (22) දින දෙහිවල, මල්වත්ත පාර ප්‍රදේශයේදී එම කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඉහත අපරාධයට ගිනි අවිය හා පතරොම් ලබාදුන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 35 ක්වූ දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.