නයිජීරියානු ගංවතුරෙන් මියගිය පිරිස ඉහළට

නයිජීරියාවට බලපා ඇති අයහපත් කාලගුණයෙන් මියගිය පිරිස 150 දක්වා ඉහළගොස් තිබෙනවා.

බලධාරීන් පවසන්නේ විපතට පත් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.

අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 3000කට අධික පිරිසක් අවතැන්.

නයිජීරියාවේ “නයිජර්” ප්‍රාන්තයට අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වි ඇති බව එරට කාලගුණ විද්‍යා අංශ පවසනවා.

අධික වර්ෂාවත් සමඟ දරුණු ගංවතුර තත්වයක් හටගෙන ඇති අතර මියගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවට බලධාරින් අනතුරු අඟවනවා.

“නයිජර්” ප්‍රාන්තයේ “මොක්වා” වෙළෙඳ නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවූ බවයි වාර්තා වන්නේ.

නිවාස දෙසියකට අධික සංඛ්‍යාවක් මුළුමනින්ම විනාශ වී ගොසින්.

විපතට පත් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති අතර, සහන කණ්ඩායම්වලට ළගා විය නොහැකි, ජලයෙන් යට වු ප්‍රදේශ රැසක් පවතින බවද බලධාරින් පවසනවා.

අතුරුදන් වුවන් සහ මළ සිරුරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.