රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ පූර්ණ සහය ඉදිරියටත් ලබාදෙන බව එහි නියෝජිතයින් පවසනවා.
ගුරු පුහුණුව, යටිතල පහසුකම් සංවර්ධනය, ඩිජිටල් තාක්ෂණ සංවර්ධනය ඇතුලු අධ්‍යාපන සංවර්ධනය සඳහා ආසියානු බැංකුවේ සහය තවදුරටත් හිමිවනු ඇති.
එහි නියෝජිතයින් පිරිසක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ හමුවූ අවස්ථාවේ මේ බව සඳහන් කළා. හමුව සිදුවුණේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදි.
ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ තකාෆුමි කදෝනෝ මහතා ඇතුලු නියෝජිතයින් මෙහිදි කියා සිටියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුව ප්‍රසාදය පළකරන බවයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ගෙන ඇති පියවර, ලබන වසරේ පාසල් අධ්‍යාපනය තුළ නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ආකාරය සහ අභියෝග පිළිබඳව අග්‍රාමාත්‍යවරිය එම නියෝජිතයින්ව දැනුවත් කළා.
නව විෂය මාලා සකස් කිරීම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ මානව සම්පත සංවර්ධනය සහ යටිතල පහසුකම් සංවර්ධනය ඇතුලු වෘත්තිය, උසස් අධ්‍යාපන මෙන්ම පූර්ණ ළමා විය සංවර්ධනය සඳහා වන රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව අග්‍රාමාත්‍යවරිය ආසියානු සංවර්ධන බැංකු නියෝජිතයින් හමුවේ පැහැදිලි කළා.
දෙරටේ ඉහළ පෙලේ නිලධාරින් හමුවට එක්ව සිටියා.
