නීතිවිරෝධී බීඩිකොළ තොගයක් මාන්කුලම්වලදී අල්ලයි

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද බීඩිකොළ තොගයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සෙට්ටිකුලම පොලිස් වසමේ මාන්කුලම් නගරයේදී ඊයේ (03) දින රාත්‍රී කාලයේ සෙට්ටිකුලම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර ඇත.

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද බීඩිකොළ කිලෝග්‍රෑම් 25 බැගින් වූ පාර්සල් 40 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු සහ ඊට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු කැබ් රථයක් හා කාර් රථයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 21, 28, 40 හා 43 වයස්වල පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සෙට්ටිකුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.