නෙතන්යාහුගේ ඉලක්කය

ඉරානයට එරෙහිව දියත් කර ඇති ගුවන් ප්‍රහාරක මෙහෙයුම අවසන් කරන නිශ්චිත කාලසීමාවක් ප්‍රකාශයට පත් කිරීමට නොහැකි බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

අමෙරිකානු පුවත් සේවයක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා පවසා සිටින්නේ ඉරානයට න්‍යෂ්ටික අවියක් නිපදවීමට ඇති හැකියාව සම්පූර්ණයෙන්ම අඩපණ කිරීම සිය ප්‍රධාන අරමුණ බවයි.

එමඟින් ඊශ්‍රායලයට සහ කලාපීය මිත්‍ර රටවලට එල්ල වන තර්ජන මැඩපැවැත්විය හැකි බව එහිදී සදහන් කර තිබෙනවා.