ප්රචණ්ඩ ක්‍රියා හමුවේ නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම ඊයේ රාත්‍රී සිට යුද හමුදාවට සහ ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා.
විරෝධතා මුවාවෙන්, ඇතැම් කණ්ඩායම් කොල්ලකෑම්, ගිනිතැබීම් සහ දේපල විනාශ කිරීම් සිදු කරන බැවින් ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගත් බවයි නේපාල හමුදාව පවසන්නේ.
නේපාලයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන ජලනාත් කනාල්ගේ බිරිඳ වන රාජ්‍ය ලක්ෂ්මි චිත්‍රකාර්, විරෝධතාකරුවන් විසින් කත්මන්ඩු අගනුවර පිහිටි නිවසේ සිරකර ඊට ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.
ඇය, රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. නේපාල ගැටුම්වලින් මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව 21 ක් වන අතර, 500 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලැබුවා.
පසුගියදා නේපාලයේ කත්මන්ඩු අගනුවර පාර්ලිමේන්තු සංකීර්ණය අසළ විරෝධතා ආරම්භ වූයේ සමාජ මාධ්‍ය 26 ක් තහනමට ලක් කිරීමට රජය ගත් තීරණයට එරෙහිවයි.
විරෝධතා උත්සන්න වීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය යළි යථාවත් කිරීමට නේපාල රජය පියවර ගත්තා. එම තහනමට එරෙහිව ආරම්භ වූ විරෝධතා, රජයට එරෙහි විරෝධතා බවට පත් වුණා.
