නේපාලයේ හිම කුණාටුවක බලපෑමෙන් හට ගත් ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් මිය ගිය පිරිස 47 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එරට මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, පුද්ගලයින් රැසක් තවමත් අතුරුදන් බවයි.
ඉන්දියාව මායිම්ව නැගෙනහිරින් පිහිටි ඉලාම් දිස්ත්‍රික්කයේ ගම්මාන කිහිපයක් නායයාමට ලක්ව ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් ඇති අතර, බොහෝ පිරිසක් අවතැන්ව ඇති බව, වාර්තා වනවා. මාර්ග රැසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, පාලම් ගංවතුරට ගසා ගෙන ගොස් ඇති බවයි, වාර්තා වන්නේ.
මීට දින කිහිපයක සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් අවතැන්වූ ප්‍රදේශයන්හි ජනතාව මුදවා ගැනීමේ මෙහෙයුම් දුෂ්කර වී ඇති බවයි, බලධාරින් ප්‍රකාශ කරන්නේ.
දේශීය ගුවන් ගමන් අඩාල වී ඇති බවයි, කත්මන්ඩු ගුවන්තොටුපොළ නිලධාරින් ප්‍රකාශ කරන්නේ.
ආපදා තත්වය හේතුවෙන් එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ සහ අද දින එරට රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශය පත් කර තිබෙනවා.
