
නේපාල සහ චීන දේශසීමාවේ හටගෙන ඇති දරුණු ගංවතුරින් අට දෙනෙකු මියගොස් තිබෙනවා. විසිදෙනෙකු අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.
මෝසම් වැසි හේතුවෙන් ඉකුත් දෙදින පුරා ගංවතුර තත්වයක් හට ගැණුනා. නේපාලයේ රසුවා දිස්ත්‍රික්කයේ ගංගාවක් පිටාර ගැලීමෙන් දෙරට යා වන මිත්‍රත්ව පාලමකට දැඩි හානි සිදුව තිබෙනවා.
මිත්‍රත්ව පාලම ගසාගෙන යාමෙන් බොහෝ පිරිසක් අවතැන්ව ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. දාඩිං සහ චික්වාන් දිස්ත්‍රික්කවලින් මියගිය අයගේ මළසිරුරු හමුව තිබෙනවා.
අතුරුදන් වූ අයගෙන් තිදෙනෙකු ආරක්ෂක නිලධාරින් වන අතර තවත් 6 දෙනෙකු චීන ජාතිකයින් වන බවද වාර්තා වනවා. ගංවතුර තත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ ජල විදුලි ව්‍යාපෘති 4 කට හානි සිදුව තිබෙනවා. ගංගා පිටාර ගැලීම හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථ 6 ක් සහ මෝටර් රථ 35 ක් ගංවතුරට ගසාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.