වයස අවුරුදු 11 න් පහළ වයස් කාණ්ඩායේ ලෝව අංක එකේ මේස පන්දු ක්‍රීඩකයා වන ටාවි සමරවීර තවත් ජාත්‍යන්තර පදක්කම් දෙකක් හිමිකර ගෙන තිබෙනවා.
ඔහු අද අළුයම දිවයිනට පැමිණියා.
ඉකුත් දා බහරේන් හිදි පැවැති ලෝක කණිෂ්ඨ ශ්‍රේණිගත කිරීම් මේස පන්දු තරගාවලියේදී ටාවි සමරවීර 11න් පහළ වයස් කාණ්ඩයේ රන් පදක්කම හිමිකර ගත්තා.
අනතුරුව ඔහු සහභාගී වුනේ කටාර් රාජ්‍යයේ පැවැති ලෝක කණිෂ්ඨ ශ්‍රේණිගත කිරීම් මේස පන්දු තරගාවලියටයි.
එහිදී ද 11 න් පහළ වයස් කාණ්ඩයේ ශූරතාව ඔහු හිමිකර ගත්තා. ටාවි සමරවීර තවමත් දස හැවිරිදි වියේ පසුවන ක්‍රීඩකයෙක්.
ඔහු ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ හයවැනි ශ්‍රේණිය ඉගෙනුම ලබනවා.
