පද්මේගේ මව විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීමට දින දෙයි

මේ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා එම දෙපාර්තමේන්තුවෙන් පිටතට රැගෙන නොයන බවට ලබා දී තිබෙන ප්‍රතිඥාව දෙසැම්බර් මස 02 වනදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද නියම කළා.

තම පුත්‍රයාගේ ආරක්ෂාව තහවුරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මේ වනවිට රැඳවුම් භාරයෙන් පසුවන කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ මව විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයාගේ එකඟත්වය ඇතිව මෙම ප්‍රතිඥාව දීර්ඝ කරනු ලැබුවා.