පරිපූරක වෛද්‍ය සේවාවේ ගැටලු කිහිපයකට කඩිනම් විසඳුම්

පරිපූරක වෛද්‍ය සේවාවේ ගැටලු කිහිපයකට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ මැදිහත්වීමෙන් කඩිනම් විසඳුම් ලබාදී තිබෙනවා.  ඒ, අමාත්‍යාංශයේ අද පැවති විශේෂ සාකච්ඡාවකදී.

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සම සෞඛ්‍ය ඒකාබද්ධ බල මණඩලයේ සම කැදවුම්කරුවන් අතර, විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වුණා.  මෙහිදී පරිපූරක වෛද්‍ය සේවයට අදාළ වෘත්තීන් සදහා සේවා ව්‍යවස්ථාවක් සැකසීමට මූලික කමිටුවක් පත් කර ගැනීම, සම සෞඛ්‍ය උපාධිධාරීන්ට සුදුසු වැටුප්තලයක් ලබා ගැනීම සඳහා කටයුතු ආරම්භ කිරීම ඇතුළු කරුණු 9 ක් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.  එම ගැටලු පිළිබදව අවධානය යොමු කළ අමාත්‍යවරයා, ඒ වෙනුවෙන් සේවා ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට කමිටුවක් පත් කිරීමට සාකච්ඡාවේදී  තීරණය කළා.  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.