ඊයේ දින ඊශ්‍රායල හමුදා ගාසා නගර ඉලක්කරගෙන එල්ල කරන ලද ගුවන් හා ගොඩබිම් ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයින් 80කට වැඩි පිරිසක් මිය ගිය බව හමාස් පාලනය යටතේ ඇති සෞඛ්‍ය බලධාරින් පවසනවා.
ෆිරාස් වෙළඳපොළ අසල අවතැන් වූ පවුල් නවාතැන් ගෙන සිටි ගොඩනැගිලි සහ කූඩාරම්වලට එල්ල වූ ප්‍රහාරවලින් කාන්තාවන් සහ ළමුන්, මිය ගිය අය අතර සිටින බව වෛද්‍ය කාර්ය මණ්ඩලය පවසනවා.
ඊශ්‍රායල මධ්‍යම ගාසා නගරයේ අවසාන හමාස් සංවිධාන බලකොටුව යැයි පැවසෙන ස්ථානය දක්වා ඊශ්‍රායල යුද ටැංකි සහ හමුදා අඛණ්ඩව ඉදිරියට යමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සහ හමාස් සංවිධානයේ තීරණාත්මක පරාජයක් ඇති කිරීම තම මෙහෙයුම්වල අරමුණ බවයි ඊශ්‍රායල හමුදාව පවසන්නේ.
ගාසා නගරය තුළ සිරවී සිටින ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සෞඛ්‍ය හා අත්‍යවශ්‍ය සේවාවන් බිඳ වැටීමකට මුහුණදී සිටින බවත්, අධික ජනාකීර්ණ හා අනාරක්ෂිත තත්වයන් යටතේ ජීවත් වන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ආධාර ආයතන අනතුරු අඟවා තිබෙනවා.
මේ අතර, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව මැද පෙරදිග සාමය සඳහා කරුණු 21 කින් යුත් සැලැස්මක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ බව ඇමරිකානු විශේෂ නියෝජිතයා පවසනවා.
එහෙත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහුගේ සැලැස්ම පිළිබඳව කිසිදු තොරතුරක් මාධ්‍යට හෙළිදරව් කර නැති බවයි.
