ප්‍රවීණ ගායන ශිල්පී ආශා බෝස්ලේ රෝහල්ගත කෙරේ

ලෝක ප්‍රකට ඉන්දීය පසුබිම් ගායිකා ආශා බෝස්ලේ (Asha Bhosle) මුම්බායි හි බ්‍රීච් කැන්ඩි රෝහලට ඇතුළත් කර ඇතැයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ ඇයට ඇති වූ බව කියන හෘදයාබාධයක් සහ පෙනහළු ආශ්‍රිත සංකූලතා ඊට හේතුවයි.

92 හැවිරිදි වියේ පසුවන ඇය දශක හතකට වැඩි කාලයක් ඉන්දීය සංගීත ක්ෂේත්‍රයේ රැජිනක ලෙස වැජඹුණේ, තමන්ටම ආවේණික වූ සුවිශේෂී ගායන ශෛලියක් ගොඩනගා ගනිමින්.

සංගීතයට සිදු කළ විශිෂ්ට සේවය අගය කරමින්, ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මාන වන පද්ම විභූෂණ සහ දඩාසාහිබ් ෆාල්කේ සම්මානවලින් ද ඇය පිදුම් ලබා තිබෙනවා.

ආශා බෝස්ලේ, භාරතීය ගීත කෝකිලාවිය ලෙස විරුදාවලි ලැබූ ලතා මංගේෂ්කාර් ගේ බාල සොහොයුරිය ද වනවා.