පැය 48ක් ඇතුළත ප්‍රංශයට නව අගමැතිවරයෙක්

ප්‍රංශයේ නව අගමැතිවරයා ඉදිරි පැය 48 තුළ නම් කිරීමට නියමිත බව එරට ජනාධිපති කාර්යාලය පවසනවා.

උද්ගතව ඇති වත්මන් දේශපාලන අර්බුදය විසඳීමේ නවතම ප්‍රයත්නයක් ලෙසයි විදෙස් මාධ්‍ය මෙය පෙන්වා දෙන්නේ.

ප්‍රංශ අගමැති “සෙබෙස්තියන් ලෙකෝනු” සිය ධූරයෙන් ඉවත්වීම පිළිබඳව අවසන් සාකච්ඡා අසාර්ථක වීමෙන් පසුවයි නව අගමැතිවරයා නම් කරන බවට නිවේදනය කර ඇත්තේ.

ඉවත්ව යන අගමැති “සෙබෙස්තියන් ලෙකෝනු” එරට වත්මන් දේශපාලන අර්බුදය පිළිබඳව පක්ෂ නායකයින් සමග දින දෙකක් පුරා සාකච්ඡා පැවැත්වු බවයි වාර්තා වන්නේ.

අර්බුදය විසඳීම සඳහා සිදුකළ මෙහෙවර වෙනුවෙන් ප්‍රංශ ජනාධිපති “එමානුවෙල් මැක්‍රොන්” ධුරයෙන් ඉවත්ව යන අගමැති “සෙබෙස්තියන් ලෙකෝනු” වෙත සිය ප්‍රසාදය පළකර තිබෙනවා.