විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු නාගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාගොඩ පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව නාගොඩ අළුත්තානායම්ගොඩ ප්රදේශයේදී වැටලීම සිදුකර ගෙන ඇත.
විදෙස් රටක නිෂ්පාදිත පෑනක ස්වරූපයේ එක් උණ්ඩයක් පමණක් යෙදිය හැකි අර්ධ ස්වංක්රීය ගිනි අවියක්, එයට යොදන පතොරොම් 02 ක් හා භාවිතා කරන ලද පතොරොම් කොපු 05 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 23 ක් වන මාපලගම ප්රදේශයේ පදිංචිකරුවෙකි.
නාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
