පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ 51 වැනි සංවත්සරය අදයි.
ඒ වෙනුවෙන් සැමරුම් උත්සවයක් අද උදේ පැවැත්වුණා.
විවිධ හේතු නිසා අසරණ වන අලි ඇතුන්ට රැකවරණය ලබාදී ඔවුන් ඇති දැඩි කිරීම මෙම මධ්‍යස්ථානය මගින් සිදුවනවා. එය සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයක්.
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මෙම අලි සංරක්ෂණ මධ්‍යස්ථානය තුළ “නිදහස් අලි අරණ” නමින් නව මධ්‍යස්ථානයක් අද විවෘත කෙරුණා.
ඒ පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන්. සංවත්සරය වෙනුවෙන් අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් සංවිධාන කර ඇති අතර, විද්‍යාත්මක කළමනාකරණ ක්‍රමවේදයක් ඔස්සේ මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම තවත් අරමුණක්.
