පුංචි යෞවනියන් ඕස්ට්‍රේලියාවට

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අප්‍රේල් මාසයේදී ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරත වනවා.

ඒ, ශ්‍රී ලංකාව එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව සහභාගී වන තුන්කොන් ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීම සඳහායි.

තරගාවලියේදී ශ්‍රී ලංකාව එක්දින තරග 2 ක් සහ 20-20 තරග 4 ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලබන මස 3 වැනිදා දි‍වයිනෙන් පිටත්ව යනවා.

මෙහි ශ්‍රී ලංකාව සහභාගී වන පළමු එක්දින තරගය අප්‍රේල් 7 වැනිදා එංගලන්තය සමග පැවැත්වෙන්නේ, බ්‍රිස්බේන් හිදී.

එම ක්‍රීඩාංගණයේදීම අප්‍රේල්ම මස 8 වැනිදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඔස්ට්‍රේලියාව සමග එක්දින තරගයකට සහභාගී වනවා.

අනතුරුව, අප්‍රේල් මස 12, 13, 17 සහ 18 යන දිනවලදී ශ්‍රී ලංකාව 20-20 තරග සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි. ඉන් තරග 2 ක් ඔස්ට්‍රේලියාව සමගත්, තරග 2 ක් එංගලන්තය සමගත් පැවැත්වෙනවා.