අමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ සිදුවු වෙඩි තැබීමකින් පොලිස් නිලධාරින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
ස්ප්‍රින්ග් ග්‍රෝව් හි ජනගහනය 2500 ක් පමණ වන කුඩා නගරයක මෙම ප්‍රහාරය සිදුවි ඇති බවයි ආරක්ෂක අංශ ප්‍රකාශ කරන්නේ.
ප්‍රාන්ත පොලිස් කොමසාරිස්වරයා ප්‍රකාශ කරන්නේ තුවක්කුකරුට ප්‍රතිප්‍රහාරයක් පොලිස් ආරක්ෂක අංශ විසින් සිදුකළ බවත්, එම අවස්ථාවේදි ඔහු ඉන් දරුණු ලෙස තුවාල ලබා ඇති බවත්ය.
තුවාලකරුවන් ආරක්ෂක අංශ විසින් හෙලිකොප්ටර් මගින් රෝහල් ගත කිරීමට පියවර ගත් බව ආරක්ෂක අංශ ප්‍රකාශ කර සිටිනවා.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මකයි.
