පොලිස් විශේෂ මෙහෙයුමට අත්අඩංගුවට ගත් පිරිස

2025 වසරේ මේ දක්වා සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 955 ක් සහ අයිස් කිලෝ ග්‍රෑම් 1422 ක් සිය බාරයට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුඩ්ලර් මහතා මේ බව සඳහන් කළේ, ඊයේ කොළඹ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ වසරේ මේ දක්වා වෙඩි තැබී‍මේ සිදුවීම්වලට අදාළව පුද්ගලයින් 38 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ආධාර අනුබල දීමේ සිද්ධිවලට අදාළව 263 දෙනෙකු ඇතුළුව සැකකරුවන් 328 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය විසින් ක්‍රියාත්මක කරන ලද මෙම මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් සංඛ්‍යාව 46,909 ක්.

අපරීක්‍ෂාකාරී ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් රියදුරන් 3,404 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

ඉදිරියටත් අදාළ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළා.