පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර රැසක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා කියා සිටියේ, කොළඹ කොටුවේ සිට අනුරාධපුර දක්වා දුම්රිය ගමන්වාර 20ක් සහ අනුරාධපුරය සිට මිහින්තලය දක්වා දුම්රිය ගමන්වාර 36ක් ක්‍රියාත්මක කරන බවයි.
මෙම විශේෂ දුම්රිය ගමන්වාර හෙට (09) වන දින සිට එළැඹෙන (12) වන දින දක්වා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
පොසොන් සතිය ලබන 13 වනදා දක්වා ක්‍රියාත්මක වනවා.
අනුරාධපුර නගරය, මිහින්තලය සහ තන්තිරිමලය යන සිද්ධස්ථාන කේන්ද්‍ර කරගෙන ජාතික පොසොන් උත්සවය පැවැත්වීමටයි සැලසුම් කර ඇත.
ජාතික පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කරමින් පවතින බවද පොසොන් කමිටුව ප්‍රකාශ කළා.
