මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල අලුයම් කාලයේ පවතින්නේ අධික ශීත කාළගුණයක්. මේ හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශයට අද (24) දින අලුයම් කාලයේ මල් තුහිණ පතිත වී තිබුණා.
බගවන්තලාව ප්‍රදේශයේ තෘණ භූමිවල මෙසේ මල් තුහිණ පතිත වී තිබූ අතර, බගවන්තලාව ප්‍රදේශයේ උදෑසනට පවතින අධික ශීත කාළගුණය මෙයට හේතුව බවයි ප්‍රදේශයේ ප්‍රදේශවාසිනි කියා සිටින්නේ.
