බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියට පස් කන්දක් සමග විශාල් ගල් කිහිපයක් කඩා වැටී දුම්රිය එන්ජිම පීලි පනියි.

බදුල්ලේ සිට කොළඹ දක්වා (18) රාත්‍රී ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රියට පස් කන්දක් සහිත විශාල ගල් කිහිපයක් පෙරලීමෙන් එම දුම්රියේ එන්ජිම පීලි පැන ඇති නිසා උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා පැමිණ ඇති බව නානුඔය දුම්රිය ස්ථානයේ නිළධාරියෙකු පැවසීය.

ඉදල්ගස්හින්න සහ ඔහිය දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි දුම්රිය උමං මාර්ගය ආසන්නයේ (18) රාත්‍රි 8:30ට පමණ විශාල පස් කන්දක් සහිත ගල් කිහිපයක් දුම්රිය එන්ජිමට පැවති වර්ෂාවත් සමග කඩා වැටීම නිසා දුම්රිය එන්ජිම පීලි පැන ඇති බවයි එම නිළධාරියා කියා සිටියේ.

දුම්රියේ එන්ජිමේ මගී ප්‍රවාහන මැදිරි හපුතලේ දක්වා රැගෙන ගිය බවත්, දුම්රියට කඩා වැටුණු ගල් ඉවත් කර පීලිපැන ඇති දුම්රිය එන්ජිම පීලි ගත කිරිමට නානුඔය දුම්රිය ස්ථානයේ ආපදා අංශයේ නිළධාරින් සහ සේවකයින් එම ස්ථානය කරා යොමු කර ඇති බවයි නානුඔය දුම්රිය ස්ථානයේ නිළධාරියා කියා සිටියේ.

දුම්රිය මාර්ගය යථා තත්වය පත්වන තෙක් කොළඹ කොටුවේ සිට ධාවනය වන සියලුම මගි ප්‍රවාහන දුම්රියන් නානුඔය දුම්රිය ස්ථානය දක්වා සීමා කිරිමට කටයුතු කර ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරියේ නිළධාරියෙකු පැවසීය.