
ජූලි මස සිදුකිරීමට නියමිත බස් ගාස්තු සංශෝධනයේදී 2.5% බස් ගාස්තු අඩු කිරීමට අද පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා දැනුම් දී ඇති බව බස් සංගම් ප්‍රකාශ කරනවා.
බත්තරමුල්ලේ ප්‍රවාහන අමාත්‍යාංශයේ දි ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹුණු බව බස් සංගම් ප්‍රකාශ කරනවා.
එහිදී ඔවුන් ප්‍රකාශ කර සිටියේ ඩීසල් පිරිවැය අනුව එම ප්‍රමාණය සාධාරණ නමුත් අමතර කොටස් සහ අනෙකුත් දෑ සම්බන්ධයෙන් සැලකීමේ දී එම ප්‍රමාණය සාධාරණ නොවන බවයි.
මෙහිදී අන්තර් පළාත් බස් සංගමය නියෝජනය කරන සංගමය දැඩි ලෙස ප්‍රකාශ කර සිටියේ දුර ගමන් බස් සඳහා 30% පමණ අමතර වියදමක් දැරීමට සිදුවන අවස්ථාවක මෙවැනි 2.5% ගාස්තු අඩු කිරීම අසාධාරණ බවයි.