බැංකු කාඩ්පතින් බස් රථයේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව අද (24) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඒ අනුව මෙහි සමාරම්භක වැඩසටහන අද පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ආරම්භ වීමට නියමිතව ඇත.
ඩිජිටල් අමාත්‍යාංශ සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව මෙහෙයවන මෙම වැඩසටහන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.
බස් ගාස්තු ගෙවීමෙන් පසු ඉතිරි මුදල් යළි ලබා නොදීම ආදී ගැටලුවලට විසඳුමක් ලෙස මෙලෙස බැංකු කාඩ්පත් හරහා ගාස්තු ගෙවීමේ පහසුකම හදුන්වා දී තිබෙනවා.
