බෙල්ජියම් තාක්ෂණය ශ්‍රී ලංකා දුම්රිය සේවයට

යුරෝපයේ සංචාරයක යෙදී සිටින ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ බෙල්ජියම ප්‍රවාහන සහ පරිසර අමාත්‍ය Jean-Luc Crucke මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ පසුගියදා (23) බෙල්ජියමේ ප්‍රවාහන සහ පරිසර අමාත්‍යාංශයේදීයි.

එහිදී අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් තම අමාත්‍යාංශය යටතේ ක්‍රියාතමක වන ආයතනයන් පිළිබඳව ෂෝ-ලුක් මහතා දැනුවත් කළේය.

ආයෝජන අවස්ථාවන් පිළිබඳවද මෙහිදී අමාත්‍යවරයා විසින් ඒ මහතාව දැනුවත් කර තිබෙනවා.

බෙල්ජියමේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ඉදිරියේදී ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය තාක්ෂණ දැනුම හුවමාරු කර ගැනීම පිළිබඳව එකඟතාවකට පැමිණ ඇති අතර ඊට අවශ්‍ය කටයුතු ඉදිරියේදී සැකසීමටද එකඟතාවකට පැමිණ තිබෙනවා.

මෙම සාකච්චාව සඳහා බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති චන්දන වීරසේන මහතා ප්‍රමුඛ නිළධාරීන් පිරිසක් සහභාගී වී සිටියා.