බේරුවල නගර සභාවේ  සහ බණ්ඩාරගම ප්‍රාදේශිය සභාවේ බලය ජාතික ජනබලවේගයට

බේරුවල නගර සභාවේ  සහ බණ්ඩාරගම ප්‍රාදේශිය සභාවේ බලය ද ජාතික ජනබලවේගය හිමිකරගත්තා. බේරුවෙල නගර සභාවේ නගරාධිපතිවරයා තෝරාපත් කර ගැනීම විවෘත ඡන්ද විමසීමකින් සිදු කළා.

ජාතික ජනවල වේගයේ මොහොමඩ් හසාර්හීර් මොහොමඩ් මාබාසිම් මහතා නගරාධිපතිවරයා ලෙස තේරි පත් වුණා. නියෝජ්‍ය නගරාධිපති ලෙස ඒකමතිකව තේරිපත් කර ගත්තේ සමගි ජනබලවේගයේ බී. විමලසිරි මහතායි.

බණ්ඩාරගම නගර සභාවේ සභාපතිවරයා පත් කරගැනීමේ ඡන්ද විමසීම අද පැවැත්වුණා. එහිදි පැවති රහස් ඡන්දයෙන්  සභාපති ලෙස ජාතික ජනබලවේගයේ සමිත් ජයගේ මහතා තේරි පත්වුණා. උප සභාපති ලෙස තේරි පත්වුණේ ජාතික නිදහස් පෙරමුණේ රොෂාන් රාජිත මන්ත්‍රිවරයායි.