අද (24) අළුයම බොරලැස්ගමුව පාලිස් වසමේ මාලනී බුලත්සිංහ මාවතේ පා ගමනින් ගිය පුද්ගලයෙකුට ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩි තබා පලාගොස් තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 21ක් වූ පන්සල පාර, ගල්කිස්සේ පදිංචි අයෙක්. මරණකරු සංගීත සංදර්ශනයක් නැරඹීමට ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව තිබෙනවා. මරණකරු සමග තවත් පුද්ගලයෙකුද වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුලත් කර තිබෙනව.ා සිද්ධිය සම්බන්ධයන් බොරලැස්ගමුව පොලිසිය විමර්ශන සිදුකරයි.
