මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවන් නව දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය (31) දින රාත්‍රී ගැමුණුපුර ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.
ඒ් අනුව ඊයේ (02) දින මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අපරාධයට අවශ්‍ය කර සිටි සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 19ත් 40ත් අතර වයසේ පසුවන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.
සැකකරුවන් අද (03) දින අලුත්කඩේ ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර මට්ටක්කුලිය පොලිසිය විසින් වැඩිදු විමර්ශන සිදු කරනවා.
