
මඩකලපුව දුම්රිය ස්ථානයට අයත් ඉඩමේ ඇති වූ දැවැන්ත ගින්නක් මඩකලපුව මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ සහ හමුදාවේ ඒකාබද්ධ උත්සාහයට ස්තූතිවන්ත වෙමින් පාලනය කරන ලදී.
මඩකලපුව දුම්රිය ස්ථානයේ නේවාසිකාගාර සහ ඛනිජ තෙල් සංස්ථාව අසල ඉඩමේ ඊයේ සවස ගින්නක් ඇති විය.
නාඳුනන පුද්ගලයින් විසින් ගින්න තබා ඇති අතර ගින්න පිළිබඳව මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයට දැනුම් දුන් අතර ගින්න පාලනය කිරීමට පියවර ගන්නා ලදී.
ගිනි ගත් ස්ථානයට ගිය හමුදාව, දුම්රිය ස්ථනයේ ආරක්ෂකයින් නගර සභාවේ නගරාධිපති, සිවම් පාක්කියනාදන් නියෝජ්‍ය නගරාධිපති දිනේෂ් සහ නාගරික මන්ත්‍රීවරුන් ගින්න පාලනය කිරීමට සහාය විය.
මේ සම්බන්ධයෙන්, මඩකලපුව පොලිස් මූලස්ථානයේ පොලිස් නිල්ධාරින් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ පැවැත්වීය.
ඉන්ධන ගබඩා පිහිටා ඇති ඉඩම අසල ඇති වූ ගින්න හේතුවෙන් විශාල ව්නාශයක් නොසිදුවීම සඳහා ගින්න පාලනය කර ඇත.
මඩකලපුව පොලිස් මූලස්ථානය පරීක්ෂණ පවත්වා ඇත.