මත්ද්‍රව්‍ය රැගත් බෝට්ටුවකට අමෙරිකානු ගුවන් හමුදාව ප්‍රහාරයක්

වෙනිසියුලාව අසල ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය රැගත් බෝට්ටුවක් ඉලක්ක කරගනිමින් අමෙරිකානු ගුවන් හමුදාව ප්‍රහාරයක් සිදු කර තිබෙනවා.

එම අවස්ථාවේ බෝට්ටුවේ සිව් දෙනෙකු සිට ඇති අතර, ප්‍රහාරයෙන් ඔවුන් සියලු දෙනාම මියගොස් ඇති බවයි, වාර්තා වන්නේ. අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් නිවේදනය කර ඇත්තේ, ජනාධිපති ට්‍රම්ප්ගේ නියෝග යටතේ වෙනිසියුලානු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී මත්ද්‍රව්‍ය ජාවාරම් යාත්‍රාවක් ලෙස හැඳින්වූ බෝට්ටුවක් සිය ගුවන් හමුදාව විසින් විනාශ කළ බවයි. බෝට්ටුවේ සිටි පුද්ගලයන් සිව් දෙනාම ප්‍රහාරයෙන් මියගිය බව, අමෙරිකානු ගුවන් හමුදාව තහවුරු කර තිබෙනවා.

මෙම බෝට්ටුව මත්ද්‍රව්‍ය සමග අමෙරිකාවට යාත්‍රා කරමින් සිටි බවට එරට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබූ බව සඳහන්. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, බෝට්ටුව වෙනිසියුලාවට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදේ දී විනාශ කර ඇති බවයි.