මධ්‍යම අධිවේගී මාර්ගයේ ඊයේ (03) රාත්‍රී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
කුරුණෑගල දෙස සිට මීරිගම දෙසට මධ්‍යම අධිවේගී මාර්ගයේ ධාවනය වූ ඉන්ධන බවුසරයක් 41 km කණුව අසලදී (හරංකහව ප්‍රදේශයේ දී) කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ඉදිරියෙන් ගමන් කළ ලොරි රථයක ගැටී අනතුර සිදුව ඇත.
එසේ ගැටීමත් සමඟ එම රථ දෙක අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැට කඩාගෙන පහළ පිහිටි වෙල්යායට වැටී තිබෙනවා.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ ලොරි රථයේ රියදුරු.
