අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව ගොනු කර ඇති නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තා.
අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී අල්ලස් කොමිසමේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂි සටහන් කර ගැනීමට සිදු වුණා.
2010 වසරේ සිට 2012 වසර දක්වා කාල සීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 150 කට ආසන්න වටිනාකමකින් යුත් වත්කම් සහ දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව දූෂණ විරෝධී පනත යටතේ මෙම නඩුව ගොනු කර තිබෙනවා.
